බුදු ගුණ ජීවම

මම මහණ වෙන්න පෙර, ගිහිවතේ ඉන්නකොට සාසනික ක්‍රමවේද අනුගමනය කරමින් ගෙවල් ආදියේ දොස් කපන්න නවගුණ ගාථාවම තමයි ගත්තෙ. ඒක හරියටම හරි. බොහොම සාර්ථකයි. මේ තියෙන්නෙ ඒ ජීවම් ගාථාව .
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

ඒතේන සච්ච වජ්ජේන
සබ්බ රෝග විනස්සතු
සබ්බ භය විනස්සතු
සබ්බ වින විනස්සතු
සබ්බන්තරාය විනස්සතු
වින බන්ධන විනස්සතු
ඒතේන සච්ච වජ්ජේන
සොත්ති මේ හෝතු සබ්බදා
සොත්ති තේ හෝතු සබ්බදා
මෙතැන ‘‘ඒතේන සච්ච වජ්ජේන’’ කියන කොටස වෙනුවට ‘‘බුද්ධරතනානුභාවේන’’/ "සබ්බ බුද්ධානුභාවේන" කියල පසුකාලීනව එහෙමත් ගත්තා. නමුත් මුලින් සෙත්කරන්න ගත්ත ක්‍රමය තමයි මේ. මෙතැනදි ‘‘සොත්ති තේ’’ කිව්වම අනුන්ටයි තමන්ටයි ඔක්කොමටම සම්බන්ධ වෙන නිසා ‘‘සොත්ති මේ’’ කියල තමන්ට වෙනම කියන්න අවශ්‍යත් නෑ. නමුත් හැමෝටම ඒ ගැන අවබෝධයක් නැති නිසා ඒ දෙකම ඉහත ආකාරයට කියන එක තමයි සුදුසු.
ජීවම් කරනකොට ඒ කාලෙ ගෙවල්ද හයක් විතර එකතු වෙනකල් ඉඳල තමයි කරන්නෙ. ගෙවල් සියල්ලෙම තියෙන කොඩිවින ආදී දෝස සියල්ලම මේකෙන් කැපෙනව. ඉතින් ඒ ගෙවල්වලින් වෙන වෙනම පොල්තෙල්, මුහුදුවැලි, සුවඳ දුම්, පැන් ආදිය ගෙන්ව ගන්නවා. ඒ විදිහට ගෙන්වගෙන ගෙවල් දහයක විතර ඒවා ලොකු කදකට වෙන වෙනම හදනවා. ඒ කියන්නෙ තෙල් බෝතල් සියල්ලම එකතු කරල බෝතල් විසිපහක තිහක බැරල් එකකට, එහෙම නැත්නම් ලොකු බෝතලයකට දමාල ඒක වෙනම තියමාගන්නව. ඒ විදිහට පැන්ටිකත් වෙනම එකතු කරල ලොකු පැන් බෝතලයක් හදනව. ඒ විදිහටම මුහුදු වැලි, සුවඳ කුඩු වෙන වෙනම ගොනු කරනවා. 
ඊට පස්සෙ සියල්ලටම ඉරටු කූරු ගහල, සියල්ලේම නූල ඔතල අතට අරගෙන සියල්ලම අර ගමාථාවෙන්සෙ ත් කරනවා. සම්පූර්ණ සුද්ද වෙල දර්ශනය පේනකල්ම ජීවම් කරනවා. සමහර වෙලාවට ජීවම් වාර පන්දාහ දහදාහ පනිනවා. ජීවම සම්පූර්ණ වුනාම තෙල් බෝතලයෙන් රූපය ලස්සනට දර්ශනය වෙනවා. එහෙම නැත්නම් ලස්සන ප්‍රදේශයක් දර්ශනයට වැටෙනවා. මල් වත්තක් වගේ ඉතා දීප්තිමත් වෙලා සම්පූර්ණ සුද්ද වෙච්ච ප්‍රදේශයක් දර්ශනය වෙනවා. එහෙම දර්ශනය වුණා කියන්නෙ ජීවමේ බල පිහිටියා කියන එක. ඒක ආයාසයකින් තොරව නිකම්ම පේන්න පටන්ගන්නවා. බුද්ධ රූපය හරි ලස්සනට සුදු පාටට පේන්න පටන් ගන්නවා. ඒ රූපය බුුද්ධ ප්‍රතිමා වහන්සේලාටත් වඩා ඒ තරමටම ශාන්තයි. මුහුණ, ශරීරය දැක්ක ගමන් පුදුම ශාන්තියක් ඇති වෙන්නෙ. මස් ලේ ඇහැටම පේනවා. හරියට අඳුන් බලනව වගේ තමයි පේන්නෙ. ඒ කියන්නෙ බෝතලයෙන් ඉස්සරහට ඇවිත් ඔප්නැංවිලා (එම්බෝස්) වගේ හරි ලස්සනට සජීවී දර්ශනයක් වගේ පේනවා. අන්න ඒ මට්ටමේ දර්ශනයක් ආවාම ජීවම නතර කරනවා. නතර කරල පුඨ (සම්බේ බුද්ධා බලප්පත්තා...) කරල සිද්ධි (අභිවමාදන සීලිස්ස...) කරනවා. එච්චරයි. (13 හෙල බොදු පියුම සඟරාවේ සඳහන් ආකාරයට) 
ඊට පස්සෙ මේ ජීවමට මූලික වෙච්ච මගෙයි ඒ සංවි්ධාන කටයුතු මෙහෙයවල උදව් කරපු අනෙක් මහත්වරු දෙන්නගෙයි ගෙවල්වල ඉස්සෙල්ලම පහන් තුනක්   පත්තු කරනවා. ඒක තියල ඉවර වුනාට පස්සෙ තමයි අනෙක් අයට බෙදල දෙන්න. ඉතින් ඒ හැම ගෙදරකම තියෙන දෝස සියල්ලම කැපිල යනවා. මුකුත් ඉතිරි වෙන්නෙ නෑ. ඔය තෙල් අරගෙන ගිහින් දවස් තුනක් පහන් පත්තු කරන කොට එක්තරා නිවසක තිබිච්ච මහා ප්‍රබල අමනුස්ස බන්ධනයක් සම්පූර්ණයෙන්ම කැපිල ගියා. ඒ තෙල් අපි දීලත් නෙවෙයි, කෙනෙකුට දීපු තෙල්වලින් ඒ ගෙදර අයත් ඉල්ලගෙන ගිහින් පත්තු කරල තියෙන්නෙ. අන්තිමට කිසිම ප්‍රශ්නයක්නෑ, බන්ධනය කැපිල ගියා. ඉතින් ඔය නවගුණ ගාථාවෙන් කරන ජීවම ඒ තරම් මහා බලවත්.
කොහේ හරි දෝසයක් තියේ නම් මේ ගාථාවෙන් 1008 වාරයක් ජීවම් කරල පහනක් පත්තු කළාම හුඟක් හොදයි. රෑ දවල් දෙකේම ඒ ස්ථානවල බුදු පහනක් තියෙන තැනක් නම්, ඒ ආසන්නයේ හරි බ්‍රහ්ම පාදය ළඟට වෙන්න හරි ඔය විදිහට සෙත් කරපු තෙල්වලින් පහනක් පත්තු කළාම ඒ දොස් කැපිල යනවා. ඒක ව්‍යාපාරික ස්ථානයකට හෝ නිවසකට හෝ ඕනෑම තැනකට කරන්න පුළුවන්. සාමාන්‍ය නිවසක් නම් ආරක්ෂක පහනක් විදිහට එක පහනක් පත්තු කළාම ඇති. මහා විශාලා ව්‍යාපාරික ස්ථානයක් නම් කිහිපයක් පත්තු කළාම හොඳයි. මේක ආරක්ෂක පහනක්/දොස් කපන පහනක්. ගේ මැද බ්‍රහ්ම පමාදයේ ඕනෑම තැනක, එහෙම නැත්නම් දේවපාදයේ හෝ වෙනත් සුදුසු තැනක අඩි 3 කට උඩින්, පිරිමි බුලත් කොළයක් නැට්ට පැත්ත උතුරට හිටින්න තියල, ඒ මත පහන තියල පහන් දැල්ලත් උතුරට හිටින්න තමයි පත්තු කරන්නේ.
ඔය විදිහට දින 9 ක් පහන් පත්තු කරන්න දෙනවා. එයින් මුල් දින 3 ම එක දිගට නොකඩවා පත්තු කරන්න ඕන. ඉතිරි දින 6, දවසෙ උදේ හවස කොයි වෙලාවක හරි පත්තු කළාම ප්‍රමාණවත්. දොස් වැඩිපුර තියෙනව නම් තිරයේ ඉක්මනට අඟුරු බැඳෙනවා. මොකද ඒ පරිසරයේ තියෙන විස, පහන් දැල්ලට ඇදල අරගෙන පුච්චල දමනවා.
සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන

Similar Recipes